අස්ථි පිළිකා

**ප්‍රාථමික අස්ථි පිළිකා යනු අස්ථි වලින් ආරම්භ වන දුර්ලභ වර්ගයේ පිළිකා වර්ගයකි. මෙය පිළිකාව ශරීරයේ වෙනත් කොටසක වර්ධනය වීමෙන් පසු අස්ථි වලට පැතිර යාම සිදුවන ද්විතීයික අස්ථි පිළිකා වලට වඩා වෙනස් තත්වයකි. මෙම පිටු වල ප්‍රාථමික අස්ථි පිළිකා ගැන පමණක් සදහන් වේ.

අස්ථි පිළිකාවේ රෝග ලක්ෂණ

අස්ථි පිළිකා ඕනෑම අස්ථියකට බලපෑම් සිදුකල හැකි මුත්, බොහෝ අවස්ථාවන්හිදී කකුලේ අතේ ඉහල කොටසේ දිගු අස්ථි වල වර්ධනය වීම සිදුවේ. ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස:

  • කාලයත් සමග නරක අතට හැරෙන දිගුකල් පවතින අස්ථි වේදනාව රාත්‍රී කාලයේදී ද අඛණ්ඩව පැවතීම
  • අස්ථියක් මත ඉදිමීම සහ රතුවීම (ආසාදනය), මේ නිසා සන්ධියක් අසලින් එම බලපෑමට ලක් වූ අස්ථිය චලනය කරවීමට අපහසු වීම
  • අස්ථියක් මත වූ සැලකියයුතු තරම් වූ ගෙඩියක්/ඉදිමුමක්
  • සාමාන්‍ය ඒවාට වඩා පහසුවෙන් කැඩෙන (භග්න) දුර්වල අස්ථියක්

ඔබ හෝ ඔබේ දරුවා දිගුකල් පවතින, දැඩි හෝ ක්‍රමයෙන් නරක අතට හැරෙන අස්ථි වේදනාවකින් පෙලෙයි නම්, ඔබගේ වෛද්‍යතුමා හමුවන්න. එය අස්ථි පිළිකාවක ප්‍රථිඵලයක් වීමේ ඉඩකඩ ඉතාම අඩු අතර, ඒ සදහා තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය වේ.

අස්ථි පිළිකා වර්ග

අස්ථි පිළිකා වල ප්‍රධාන වර්ග වලින් සමහරක් නම්:

  • ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma) - මෙය වඩාත් බහුලම වර්ගය වන අතර ළමයින් සහ වයස අවුරුදු 20ට අඩු තරුණ වැඩිහිටියන් වැඩිපුර බලපෑමට ලක්වේ
  • යූවින් සාර්කෝමා (Ewing sarcoma) - වයස අවුරුදු 10ත් 20ත් අතර අයට වැඩිපුර බලපෑම් ඇති කරයි
  • කොන්ඩ්‍රොසාර්කෝමා (Chondrosarcoma) - වයස අවුරුදු 40ට වැඩි වැඩිහිටියන්ට බලපෑම් ඇතිකරයි

තරුණ අය වැඩිවියට පත්වීම සමග සිදුවන ශීඝ්‍ර වර්ධනය නිසා අස්ථි පිළිකාව වර්ධනයට පත්වීම මගින් බලපෑම් එල්ල කළ හැකිය. ඉහත වර්ග වල අස්ථි පිළිකා විවිධ වර්ගයේ සෛල වලට බලපෑම් එල්ල කරයි. ප්‍රතිකාර සහ පෙනුම ඔබට ඇති අස්ථි පිළිකා වර්ගය මත රදා පවතී.

අස්ථි පිළිකා ඇති කිරීමට හේතු මොනවාද?

බොහෝ අවස්ථාවලදී, පුද්ගලයෙකුට අස්ථි පිළිකාවක් වර්ධනය වීමට හේතුව කුමක්දැයි නොදනී. ඔබට එය වර්ධනය වීමේ වැඩි අවධානමක් ඇතිවේ ඔබ,:

  • විකිරණ චිකිත්සාව (Radio theraphy) අතරතුර විකිරණ (Radiation) වලට පෙරදී නිරාවරණය වී ඇත්නම්
  • අස්ථි වල පැජෙට්ගේ රෝගය(Paget's disease of the bone) නම් රෝගී තත්ත්වයක් ඇත්නම් - කෙසේ වුවද පැජෙට්ගේ රෝගය (Paget's disease )තත්වය ඇති අයගෙන් ඉතා කුඩා සංඛ්‍යාවකගේ පමණක් සත්‍යවශයෙන්ම අස්ථි පිළිකා වර්ධනය සිදුවේ
  • ලි-ෆ්රොමෙනි (Li-Fraumeni) සහලක්ෂනය නම් දුර්ලභ ප්‍රවේණිගත තත්ත්වයක් ඇත්නම් - මෙම තත්ත්වයෙන් පෙලෙන අයට සාමාන්‍යයෙන් පිළිකා සෛල වල වර්ධනය වලක්වා ගැනීමට උදව් වන ජාන වල වැරදි පිටපතක් ඇත

අස්ථි පිළිකා වලට ප්‍රතිකාර කරන්නේ කෙසේද

අස්ථි පිළිකා වලට කරන ප්‍රතිකාර ඔබට ඇති අස්ථි පිළිකා වර්ගය සහ කෙතරම් දුරට එය පැතිරී ඇත් ද යන්න මත රදා පවතී. බොහෝ අයට පහත ඒවායේ එකතුවක් ඇත:

සමහර ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma )තත්වයන් වලදී, මිෆැමියුටයිඩ් (Mifamurtide )නම් ඖෂධයක් ද නිර්දේශ කරනු ලැබේ.

ඉදිරි දැක්ම

ඔබගේ වයස, ඔබට ඇති අස්ථි පිළිකා වර්ගය, කෙතරම් දුරට පිළිකාව පැතිරී ඇත් ද යන්න (අදියර), සහ තව දුරටත් එය පැතිරීමට ඇති ඉඩකඩ (ශ්‍රේණිය) යන සාධක මත අස්ථි පිළිකාවෙහි ඉදිරි දැක්ම රදා පවතී. සාමාන්‍යයෙන්, පිළිකාව පැතිර නොගිය වෙනත් පැතිවලින් සෞඛ්‍යයමත් අයට අස්ථි පිළිකාව සුව කිරීම වඩාත් පහසු වේ. සමස්තයක් ලෙස, අස්ථි පිළිකාවෙන් පෙළෙන සෑම 10කගෙන්ම 6 දෙනෙකු පිළිකාව හදුනා ගත් කාලයේ සිට අවම වශයෙන් වසර 5ක් පමණ ජීවත් වන අතර, මොවුන්ගෙන් වැඩි කොටසක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ගනී.